කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ  මුලිකත්වයෙන්, ජාතික පැළ සිටුවීමේ මහෝත්සවය “රටටම හුස්ම දෙන නැකත” යන තේමාව යටතේ පසුගිය 2023/04/20 දින දිවයින පුරා දිස්ත්‍රික්කයන්හි සිදුකෙරිණි. එහි ජාතික වැඩසටහන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.