ගොවීන්ගේ විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය

ජීවිත කාලයක් මහපොලොව සතාසිව්පාවා සමඟ පොර බදා අපගේ කුසගිනි නිවීමට තම දහඩිය හෙලනු ලබන ගොවි රජවරුන් රැජිනියන් වියපත් වී ගොවිතැන් බත් කර ගත නොහැකි වූ කල්හී කිසිවකුට අතනොපා අභිමානවත් ලෙස ජීවත් වීමට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා 1987 අංක 12 දරණ ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පනත මඟින් ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය  හඳුන්වා දෙන ලදී.

රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුපත්‚පෞද්ගලික අංශ‍යේ සේවකයන් වෙත සේවක භාරකාර අරමුදලේ සහ අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභත් විශ්‍රාම ප්‍රතිලාභ ලෙස සැදෑ සමය සුරක්ෂිත කිරීම සඳහා සැකසී තිබෙන අයුරින් ගොවි ජනතාවගේ සුරක්ෂිතතාවය සඳහා දිගු කාලීන වැඩපිළිවෙලක් ලෙස මෙම යෝජනා ක්‍රමය  ක්‍රියාත්මක කරන ලදී.  

  • තම තරුණ කාලය තුල දහඩිය වගුරුවමින් දැයට බත සපයන ගොවි මහතුන් වෙත සැදෑ සමයේදී විශ්‍රාම වැටුපක් ලබා දීම.
  • බෙලහීනතාවයක් හෝ අබලතාවයක් ඇති වූ අවස්ථාවන් හී පිළිසරණක් ලබා දීම.
  • මරණය සිදු වූ අවස්ථාවකදී යැපෙන්නන් හට පාරිතෝෂිතයක් ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම.
  • වයස අවුරුදු 18-55 අතර වීම.
  • ඉඩම් හෝ කුඹුරු හිමිකරුවෙකු, බදු කරුවෙකු, අඳ ගොවියෙකු හෝ හිමිකරුවෙකුගේ අධිකාරිය යටතේ වගා කරනු ලබන තැනැත්තෙකු සහ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත හෝ (464 වන අධිකාරිය වූ) ඉඩම් සංවර්ධන ආඥාපනත හෝ රජයේ (460 වන අධිකාරිය වූ) ඉඩම් ආඥාපනත යටතේ බලයලත් නිලධාරියෙකු විසින් ගොවියෙකු වශයෙන් තහවුරු කරන ලද තැනැත්තෙකු හෝ;
  • කෘෂි හෝ වැවිලි වගා ආශ්‍රිත සේවාවන්හී මුදලින් හෝ ද්‍රව්‍යවලින් වේතන ලබන තැනැත්තෙකු හෝ;
  • ඒ අනුව වගා ඉඩම් හිමිකරුවෙකු, බදු කරුවෙකු, අඳ ගොවියෙකු, පශු සම්පත් පාලනයේ නියුතු වන්නෙකු, උද්‍යාන භෝග, මල්, එළවළු, පළතුරු, මිරිදිය හා කරදිය මත්ස්‍ය ගොවීන් සහ කෘෂිකාර්මික සේවයේ මුදලින් හෝ ද්‍රව්‍යවලින් වේතන ලබන්නෙකු හට මෙම යෝජනා ක්‍රමයේ දායකත්වය ලබා ගත හැක.
  • ඔබේ ආදායමට සරිලන විශ්‍රාම වැටුපක් තෝරා ගැනීමේ හැකියාව
  • ඔබ වියපත් වන විට හා ඉහල යන ජීවන වියදමට සරිලන පරිදි හිමි විශ්‍රාම වැටුප වැඩි වීම
  • අනතුරකදී හෝ රෝගබාධයකදී ප්‍රතිලාභ
  • අභිමත පරිදි කලත්‍රයාට ද විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ
  • පුර්ණ රාජ්‍ය වගකීම හා ආරක්ෂාව
  • ඔබගේ ආදායම අනුව ඔබගේ වැටුප ඔබටම තීරණය කල හැක.
  • මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට ඔබ දායක වන දිනට ඔබගේ වයස අනුව මාසිකව/අර්ධ වාර්ෂිකව හෝ එකවර වාරික මුදල් ගෙවීමෙන් වයස අවුරුදු 60 සිට විශ්‍රාම වැටුප් ලැබීම සඳහා හිමිකම් පෑමට හැකිය.

යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ

අවමය රු.1000/= සිට උපරිමය රු.5000/= දක්වා වූ විශ්‍රාම වැටුපක්

වයස                    මාසික විශ්‍රාම වැටුප

60-63                 1000/=
64-70                 1250/=
71-77                 2000/=
77 හෝ වැඩි         5000/=

ඔබේ අවශ්‍යතාව අනුව වාරිකය මුල් වාරික මුදලෙහි ගුණාකාර වශයෙන් ද දායක වී වැඩි විශ්‍රාම වැටුපක් ලබාගත හැක.

ඒ අනුව වයස අවුරුදු 18ක අයෙකු සඳහා

වයස අවුරුදු 18 දී යෝජනා ක්‍රමයට දායක වන ඔබට
මාසික වාරිකය (රු.) විශ්‍රාම වැටුප වයස අනුව
අවුරුදු 60-63 දක්වා(රු.) අවුරුදු 64-70 දක්වා(රු.) අවුරුදු 71-77 දක්වා(රු.) අවුරුදු 78 සම්පුර්ණ වීමෙන් පසු ජීවිතාන්තය දක්වා(රු.)
27 1,000 1,250 2,000 5,000
270 10,000 12,500 20,000 50,000
2700 100,000 125,000 200,000 500,000

 

 

 

  • රු. 50000/= ජීවිත රක්ෂණ රැකවරණය මත රු. 25000/= මරණ පාරිතෝෂිතයක්, රු. 50000/= දක්වා වූ බෙලහීන ප්‍රතිලාභ. මෙම ප්‍රතිලාභ සහිතව ගෙවූ වාරික මුදල් සහ පොළිය ආපසු ගෙවනු ලැබේ.
  • නිසි පරිදි දායක මුදල් නොගෙවීම හේතුවෙන් දායකත්වය අවලංගු වී ඇති දායකයින්ට නව විශ්‍රාම වැටුපට දායක වීම සඳහා සහන.
  • ගොවියකුට මාසිකව, අර්ධ වාර්ෂිකව හෝ එක්වර මුදල් ගෙවීමෙන් යෝජනා ක්‍රමයේ දායකත්වය ලබා ගත හැක.
  • ඔබේ ආදායමට සරිලන විශ්‍රාම වැටුපක් තෝරා ගැනීමේ හැකියාව
  • ඔබ වියපත් වන විට හා ඉහල යන ජීවන වියදමට සරිලන පරිදි හිමි විශ්‍රාම වැටුප වැඩි වීම
  • අනතුරකදී හෝ රෝගබාධයකදී ප්‍රතිලාභ
  • අභිමත පරිදි කලත්‍රයාට ද විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ
  • පුර්ණ රාජ්‍ය වගකීම හා ආරක්ෂාව

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

සාමාජිකත්වය ලබා ගත හැකි ස්ථාන

  • කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සියලුම දිස්ත්‍රික් මඟින්
  • ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින්
  • බලයලත් අලවි නියෝජිතයින් මඟින්

ප්‍රචාරක පත්‍රිකාව

බාගත කරන්න

අයදුම්පත

බාගත කරන්න

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමවේදයන්ට අදාලව රක්ෂණාවරණයක් ලබා ගැනීමට,

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි දිස්ත්‍රික් කාර්යාල/ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින්/ ඔබ ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හමුවන්න.