අනිවාර්ය වගා රක්ෂණ ක්‍රමවේදය 2018 යල කන්නයේ සිට ක්‍රියාත්මක වන අතර එමඟින් වී, ඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස් සහ ලොකු ළූණු යන අනිවාර්ය බෝග 6 සඳහා ගංවතුර, නියඟ සහ වන අලින්ගෙන් සිදුවන හානි සඳහා අක්කරයකට රු.40,000ක රක්ෂණාවරණයක් හිමි වේ.

අක්කරයට රක්ෂිත මුදල රු. 100,000ට අඩු නම් ගංවතුර, නියඟය ඇතුළු සියලු ස්වභාවික උවදුරු හා වන අලි යන අවදානම් ආවරණය කෙරෙන අතර රක්ෂිත මුදල රු. 100,000 හෝ ඊට වැඩි නම් සියලු අවදානම් ආවරණය කෙරේ.

අනිවාර්ය වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගංවතුර, නියඟය ඇතුළු සියලු ස්වභාවික ආපදා හා වන අලි යනාදී අවදානම් සඳහා, වී උපරිම අක්කර 5ක් දක්වාත්, අනෙකුත් බෝග (ඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස් සහ ලොකු ළූණු) සඳහා උපරිම අක්කර 2.5ක් දක්වාත්, අක්කරයට රු.40,000 ක රක්ෂණාවරණයක් සඳහා වාරික මුදලක් අය නොකෙරේ. මෙහි සඳහන් කර ඇති ප්‍රමාණයකට වඩා වැඩි අක්කර ප්‍රමාණයක් රක්ෂණය කිරීමේදී, 40,000/-ට වැඩි රක්ෂණාවරණයක් ලබා ගැනීමේදී හෝ අමතර ආවරණ ලබා ගැනීමේදී, වාරික මුදලක් ගෙවීමට සිදු වේ.

  • නව වගා රක්සහන් වැඩසටහන යටතේ එක් කන්නයකදී වී වගා කරනු ලබන එක් වගාකරුවෙකුගෙන් උපරිම අක්කර 05ක් සඳහාද බඩඉරිගු ,අර්තාපල්, සොයා, ලොකු ළුණු හා මිරිස් වගා කරනු ලබන වගකරුවකුගෙන් උපරිම අක්කර 2.5ක් සඳහාද මෙම නොමිලේ රක්ෂණ ආවරණය හිමිවන අතර එහිදී එක් අක්කරයක් සඳහා උපරිම රක්ෂණ ආවරණය රු.40,000ක් වේ
වගාවරක්‍ෂණ වාරිකය (අක්කරයක් සඳහා රක්‍ෂිත මුදලින්
වී අක්කර 05ට වැඩි සෑම අක්කර එකක් සඳහාම6.5%
අර්තාපල් අක්කර 2.5ට වැඩි සෑම අක්කර එකක් සඳහාම7%
බඩ ඉරිඟු, ලොකුළුණු, මිරිස්, සෝයා අක්කර 2.5ට වැඩි සෑම අක්කර එකක් සඳහාම8%
  • එසේම අර්තාපල්, ලොකුළුණු හා මිරිස් වගාව සඳහා නිෂ්පාදන පිරිවැය රු. 40,000/- ට වඩා ඉහළ අගයක් ගන්නා බැවින්  එවැනි අවස්ථා වලදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනුව එක් එක් කන්නයට හෝ වර්ෂයට අක්කර 01ක් සඳහා එක් එක් වගාව වෙනුවෙන් නිර්ණය කර ඇති නිෂ්පාදන පිරිවැය රක්ෂිත මුදල ලෙස සලකා රක්ෂණ ආවරණ ලබාදගත හැක. එහිදී රු. 40,000/- ඉක්මවන රක්ෂිත මුදල වෙනුවෙන් 8% ක් යන පදනම මත පිහිටා ගණනය කරනු ලබන  වාරික මුදලක් වගාකරු විසින් ගෙවිය යුතු වේ.
  • ගංවතුර, නියගය හා වන අලි යන මුලික අවදානම් වලට අමතරව පහත සඳහන් අවදානම් වෙනුවෙන්ද ආරක්ෂණ ආවරණයක් ලබා ගත හැකි අතර ඒ සඳහා පහත සඳහන් පරිදි ගණනය කර  මුළු රක්ෂිත මුදලින් අමතර  මුදලක් අයකිරීමට කටයුතු කල යුතුය
අමතර ආවරණයරක්ෂිත මුදලින්
හදිසියේ ඇතිවිය හැකි ගිනි ගැනීම්.5%
පාලනයකළ නොහැකි හා හඳුනානොගත් රෝග හා පලිබෝධ.5%
කෘමි උවදුරු.5%

ඔබගේ වගාව සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට,

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි දිස්ත්‍රික් කාර්යාල/ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින්/ ඔබ ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හමුවන්න.