දැක්ම

දේශීය කෘෂිකර්මාන්තයේ අග්‍රගන්‍ය රැකවලාවීම තුලින් දකුණු ආසියාවේ පරමාදර්ශී කෘෂි රක්ෂණ ආයතනය වීම.

මෙහෙවර

කෘෂි අවදානම් කළමනාකරණය සහ ආර්ථික හා සමාජමය වශයෙන් තෘප්තිමත් ගොවි හා ධිවර ප්‍රජාවක් ගොඩනැගීම සදහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි විශිෂ්ට කෘෂිකාර්මික රක්ෂණ හා සමාජ ආරක්ෂණ සේවාවක් සැපයීම.

අරමුණු

ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි විශිෂ්ට කෘෂිකාර්මික රක්ෂණ හා සමාජ ආරක්ෂණ සේවාවන් මඟින් ‌ගොවි ජනතාවට අවශ්‍ය සේවා සැපයීම.

කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය

රක්ෂණ යෝජනා ක්‍රම – අපි වවමු රට නගමු

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය‍ට විධිමත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් වශයෙන් කෘෂිකාර්මික රක්‍ෂණය හඳුන්වා දෙමින්  1973 අංක 27 දරණ කෘෂිකර්ම රක්‍ෂණ පනත මඟින් පිහිටුවනු ලැබු කෘෂිකර්ම රක්‍ෂණ මණ්ඩලය, 1999 අංක: 20 දරණ කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ පනත මඟින් අදාළ කර්තව්‍යයන් තවදුරටත් පුළුල් කරමින් සිය මෙහෙවරෙහි දශක හතරක කාලයක් මේවනවිට සපුරා ඇත.

මුදල්  හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයට අයත් පාලිත ආයතනයක් වශයෙන් හිමි මුල්‍ය ස්ථාවරත්වයෙන් හා අවදානම් කළමනාකරණයට සෘජුවම සම්බන්ධවන කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ රක්‍ෂණ සේවා සැපයීම වෙනුවෙන්ම වු දිවයිනේ එකම රාජ්‍ය  ආයතනය වශයෙන්, හදිසි ආපදා තත්ත්වයන් හමුවේ කෘෂිකර්මාන්තය හා කෘෂිකාර්මිකයා සුරක්‍ෂිත කිරීමෙහිලා රජය වෙත පැවරී ඇති  වගකීම ඉටුකරලීම මෙම මණ්ඩලයේ ප්‍රමුඛතම කාර්යය භාරයවී ඇත.
ඒ අනුව දේශීය කෘෂිකර්මාන්තය නංවාලීමේ හා කෘෂිකාර්මිකයාගේ ආර්ථිකය ස්ථායී කිරීමෙහිලා කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය වෙත පැවරී ඇති වගකීම උපරිම ආකාරයෙන් ඉටුකරලීම අරමුණුකර ගනිමින් පහත සඳහන් ප්‍රධාන අංශ යටතේ රක්‍ෂණ හා සමාජ ආරක්‍ෂණ යෝජනා ක්‍රම රාශියක් මෙම මණ්ඩලය විසින්  දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබයි.

කෘෂිකාර්මික අවදානම් කළමනාකරණය

අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් වශයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයට බෝග, පශු, හා සාමාන්‍ය රක්‍ෂණ යන අංශ යටතේ කෘෂි රක්ෂණ ක්‍රමවේද හදුන්වා දීම මගින් කෘෂිකාර්මික අවදානම් කළමනාකරණ සඳහා දායක වීම

2. සමාජ සුභසාධනය

සමාජ ආරක්ෂණ ක්‍රමවේද හදුන්වා දීම මඟින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය හා සම්බන්ධව සිටින ගොවීන්ගේ විශ්‍රාමික දිවිය සුරක්‍ෂිත කිරීමට දායක වීම හා වෛද්‍යාධාර යෝජනා ක්‍රම හරහා රෝහල් ගත වීමකදී ගොවීන් හට මුල්‍යමය සහනයක් ලබා දීම

කෘෂිකාර්මික අවදානම් කළමනාකරණය

අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් වශයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයට බෝග, පශු, හා සාමාන්‍ය රක්‍ෂණ යන අංශ යටතේ කෘෂි රක්ෂණ ක්‍රමවේද හදුන්වා දීම මගින් කෘෂිකාර්මික අවදානම් කළමනාකරණ සඳහා දායක වීම, හදිසි ආපදාවකදී ගොවි ජනතාවට සිදුවන ආර්ථික බිඳවැටීම් අවමකර ගැනීම සඳහා සහය වීම හා කෘෂිකාර්මික ණය ලබාදෙන මුල්‍ය ආයතනවලට සිය මුල්‍ය ස්ථාවරත්වය වර්ධනය කර ගැනීම සඳහා උපකාරී වීම

වගා රක්‍ෂණ යෝජනා ක්‍රම

ජාතික පොහොර සහනාධාරය යටතේ සිදු කෙරෙන අනිවාර්ය වගා රක්‍ෂණ ක්‍රම වේදය. එම ණය මුදල් සඳහා රක්‍ෂණ ආවරණ ලබාගත හැකි වන පරිදි මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.

Read more

පශු සම්පත් රක්‍ෂණ යෝජනා ක්‍රම

පශු සම්පත් රක්ෂණය මගින් පශු සම්පත් කර්මන්තයේ යෙදෙන පශු කාර්මිකයාගේ අවධානම අවම කිරීම තුලින් පශු සම්පත් කර්මාන්තයේ එම කර්මාන්තකරුවන් නගා සිටුවීම සිදුවේ.

Read more

ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ රක්‍ෂණය

කෘෂිකර්මාන්තයේ යෙදි සි‍ටින්නන් භාවිතා කරන ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපාංග වල රක්‍ෂණාවරණය ලබා දීම සඳහා මෙම රක්‍ෂණ සැලැස්ම හඳුන්වා දී ඇත. කොල මඩින යන්ත්‍ර වතුර පොම්ප ගොයම් කපන යන්ත්‍ර වැනි කෘෂි උපකරණ සඳහා මෙම ආවරණය ක්‍රියාත්මක වේ.

Read more

ගබඩා රක්‍ෂණ යෝජනා ක්‍රමය

අස්වැන්න නෙලා ගන්න කාලය තුළ වෙළඳපලට නිකුත් කරන තෙක් වී තොග වශයෙන් ගබඩා කිරීමට සිදු වේ. තොග රැස් කරනු ලබන ආයෝජකයින්ගේ අවදානම අවම කිරීම සඳහා මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.

Read more

අනෙකුත් තෙවන පාර්ශවීය රක්‍ෂණ

දිවයිනේ ප්‍රමුඛතම ට්‍රැක්ටර් අලෙවි ආයතනයක් වන බ්‍රවුන්ස් සහ සමාගම සමගද එක්ව ට්‍රැක්ටර් අලෙවිය හා රක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දී ඇති අතර ඒ තුලින්ද කෘෂිකාර්මික ජනතාවට රක්ෂණ ආවරණ සැලසීමට කටයුතු කර ඇත.

Read more

සමාජ සුභසාධනය

සමාජ ආරක්ෂණ ක්‍රමවේද හදුන්වා දීම මඟින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය හා සම්බන්ධව සිටින ගොවීන්ගේ විශ්‍රාමික දිවිය සුරක්‍ෂිත කිරීමට දායක වීම හා වෛද්‍යාධාර යෝජනා ක්‍රම හරහා රෝහල් ගත වීමකදී ගොවීන් හට මුල්‍යමය සහනයක් ලබා දීම

ගොවි විශ්‍රාම වැටුප්

1987 අංක 12 දරණ ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පනතේ 2014 අංක දරණ ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම නියෝග අනුව ක්‍රියාත්මක වේ.

Read more

ධීවර විශ්‍රාම වැටුප් සහ

1987 අංක 12 දරණ ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පනතේ 2014 අංක දරණ ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම නියෝග අනුව ක්‍රියාත්මක වේ.

Read more

සුවසෙත සෞඛ්‍ය රක්‍ෂණ ය

කෘෂිකර්මාන්තයේ යෙදෙන කෘෂිකාර්මිකයන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හදිසි අනතුරකින් හෝ අසනීපයක් හේතුවෙන් රෝහල්ගත වීමට සිදු වුවහොත් මුහුණපෑමට සිදුවන මූල්‍යමය අපහසුතා යම්තාක්දුරට අවම කිරීමේ පරමාර්ථයෙන් ගොවිජනතාව වෙනුවෙන් සකස් කරන ලද රක්‍ෂණ යෝජනා ක්‍රමයකි.

Read more

හදිසි අනතුරු රක්‍ෂණ ය

හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන මරණයකදී, අකර්මන්‍ය විමක දී ප්‍රතිලාභ සැලසන පරිදි සකස් කරන ලද රක්‍ෂණ සැලසුමකි.

Read more

ජීවිත රක්ෂණ යෝජනා ක්‍රම

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය හා සම්බන්ධව සිටින ගොවීන්ගේ විශ්‍රාමික දිවිය සුරක්‍ෂිත කිරීම

Read more

අපගේ රක්ෂණ ආවරණ

කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය විසින් විවිධ වු රක්ෂණ ආවරණ හදුන්වා දී තිබේ. මුල්‍ය ස්ථාවරත්වයෙන් හා අවදානම් කළමනාකරණයට සෘජුවම සම්බන්ධවන කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ රක්‍ෂණ සේවා සැපයීම වෙනුවෙන්ම වු දිවයිනේ එකම රාජ්‍ය  ආයතනය වශයෙන්, හදිසි ආපදා තත්ත්වයන් හමුවේ කෘෂිකර්මාන්තය හා කෘෂිකාර්මිකයා සුරක්‍ෂිත කිරීමෙහිලා රජය වෙත පැවරී ඇති  වගකීම ඉටුකරලීම මෙම මණ්ඩලයේ ප්‍රමුඛතම කාර්යය භාරයවී ඇත. පහතින් දැක්වෙන්නේ අප විසින් හඳුන්වා දී ඇති විවිධ රක්ෂණ ආවරණ හා සේවාවන් ය.

අපගේ ‌ රක්ෂණ ආවරණ හා සේවාවන් පිළිබද තොරතුරු අවශ්‍ය නම් අප අමතන්න.

වගා රක්‍ෂණ යෝජනා ක්‍රම ගැන ඔබේ උනන්දුවට ස්තූතියි. ඔබට දැන ගැනීමට ඇති අවශ්‍ය කරුණ සදහන් කර පෝරමය කරුණාකර පුරවන්න.
රාජකාරි දින 1-2 ඇතුළත අපි ඔබ සම්බන්ධ වෙන්නෙමු.