සිදුවීම්

01. නියෝජිත ජාලය සදහා නව නියෝජිතයන් බදවා ගැනීම

කෘෂි රක්ෂණ හා විශ්‍රාම වැටුප් අලෙවි කටයුතු පුළුල් කිරීමේ අරමුණින් නියෝජිත ජාලය සදහා නව නියෝජිතයන් බදවා ගැනීමේ කටයුතු පසුගිය මාසය තුළ සිදු කෙරිණි. ඒ අනුව දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයන් බදවා ගැනීම් හා අරම්භක පුහුණු සැසි පැවැත්වීම සිදු කෙරිණි.

02. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුහුණු වැඩසටහන

03. ගම්පහ දිස්ත්‍රික්කයේ පුහුණු වැඩසටහන

04. ජාතික පැළ සිටුවීමේ මහෝත්සවය “රටටම හුස්ම දෙන නැකත”

කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ  මුලිකත්වයෙන්, ජාතික පැළ සිටුවීමේ මහෝත්සවය “රටටම හුස්ම දෙන නැකත” යන තේමාව යටතේ පසුගිය 2023/04/20 දින දිවයින පුරා දිස්ත්‍රික්කයන්හි සිදුකෙරිණි. එහි ජාතික වැඩසටහන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. ඩබ්. එම්. [...]

05. පුහුණු මධ්‍යස්ථානය හා ලේඛනාගාරය විවෘත කිරීම

බොරලැස්ගමුවේ පිහිටි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලීය පුහුණු මධ්‍යස්ථානය හා ලේඛනාගාරය, ගරු කෘෂිකර්ම අමාත්‍ය, මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 2023.03.14 වන දා විවෘත කෙරිණි.

Events – 2023.09.13 Productivity development workshop

2023.09.13 දින සභාපතිතුම විසින් "ඵලදායිතාවය වැඩීදියුණු කිරීම " පිළිබඳ සහකාර අධ්‍යක්ෂවරුන් සහ සංවර්ධන නිලධාරීන් 35 දෙනෙකු වෙනුවෙන් බොරලැස්ගමු​ව පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලද වැඩමුළුව

Events – Work life Balance 31/08/2023

2023.08.31 දින අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් " පෞද්ගලික ජිවිතය සහ රැකියා ජිවිතය සමබර කර ගැනීම" පිළිබඳ සහකාර අධ්‍යක්ෂවරුන් සහ සංවර්ධන නිලධාරීන් 28 දෙනෙකු වෙනුවෙන් බොරලැස්ගමුව පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලද වැඩමුළුව

Events – තොරතුරු තාක්ෂණය පිලිබද මුලික පුහුණු වැඩසටහන – 2023.08.05 & 06

2023.08.05 සහ 06 දින තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යක්ෂ විසින් බොරලැස්ගමුව පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලද තොරතුරු තාක්ෂණ පිළිබඳ මුලික පුහුණු වැඩසටහන