පශු රක්ෂණ යෝජනා ක්‍රමය

මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ පශු කර්මාන්තකරුවන්ගේ අවදානම අවම කර සුරක්ෂිතභාවය තහවුරු කිරීම අරමුණු කොට එම ක්ෂේත්‍රයේ ගව, එළු හා බැටළු යන සතුන් ආවරණය වන පරිදි මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ. එහිදී මුලික රක්ෂණාවරණය යටතේ හදිසි අනතුරකින්, අසනීපයකින් සතෙකු මිය යාම හා පුර්ණ බෙලහිනතාවය වෙනුවෙන් වන්දි ගෙවන අතර වැඩි අවදානම් සහිත (ගින්න, අකුණුසැර හෝ භූ චලන, සීසෑම සඳහා යොදා ගැනීම, ප්‍රවාහනය කිරීමේදී වැනි) සතෙකු මිය යෑම වෙනුවෙන් අමතර මුදලක් ගෙවා අතිරේක ආවරණ ලබා ගැනීමට ද පහසුකම් සලසා දී ඇත.

  • යෝජිත සතුන් මනා සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු නිරෝගී වුවන් විය යුතුය.
  • රෝග සඳහා අනුමත ප්‍රතිශක්තිකරණ කටයුතු සිදු කල යුතුය.
  • මනා සොයා බැලීමක් යටතේ ඇති දැඩි කරන සතුන් විය යුතුය.
  • සත්වයා මිය යාම
  • සත්වයා පූර්ණ බෙලහීනතාවයට පත්වීම
  • හදිසි අනතුරු සඳහා
  • ලෙඩ රෝග සඳහා
  • ගින්න, අකුණු සැර හෝ විදුලි සැර අනතුරු සඳහා
  • සීසෑමේ දී සිදු වන අනතුරු සඳහා
  • ප්‍රවාහනය කිරීමේ දී සිදු වන අනතුරු සඳහා
  • ගවයන් සඳහා
    රු: 100,000 ආවරණය හෝ ඊට අඩු – 3% (ආවරණයෙන්)
    රු: 100,000ට වැඩි – 4% (ආවරණයෙන්)*
  • එළුවන් හා බැටළුවන් සඳහා
    රු.75,000/- ක උපරිමයක් දක්වා – 7% (ආවරණයෙන්)
     
  • ගින්න, අකුණු සැර හෝ විදුලි සැර අනතුරු සඳහා
  • සීසෑමේ දී සිදු වන අනතුරු සඳහා
  • ප්‍රවාහනය කිරීමේ දී සිදු වන අනතුරු සඳහා

ඔබගේ වගාව සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට,

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි දිස්ත්‍රික් කාර්යාල/ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයින්/ ඔබ ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් හමුවන්න.