අපේ දැක්ම

දේශීය කෘෂිකර්මාන්තයේ අග්‍රගන්‍ය රැකවලාවීම තුලින් දකුණු ආසියාවේ පරමාදර්ශී කෘෂි රක්ෂණ ආයතනය වීම.

මෙහෙවර

කෘෂි අවදානම් කළමනාකරණය සහ ආර්ථික හා සමාජමය වශයෙන් තෘප්තිමත් ගොවි හා ධිවර ප්‍රජාවක් ගොඩනැගීම සදහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි විශිෂ්ට කෘෂිකාර්මික රක්ෂණ හා සමාජ ආරක්ෂණ සේවාවක් සැපයීම.

අරමුණු

  • කෘෂිකාර්මික වගාවන්ට අදාළ අවදානම් කළමණාකරණය
  • ගොවීන් සතු අනෙකුත් නිශ්චල හා චංචල දේපල සඳහා වන අවදානම් කළමණාකරණය
  • ගොවීන් සතු පශු සම්පත් වලට අදාළ අවදානම් කළමණාකරණය
  • සාමාජ ආරක්‍ෂණ, හා ජිවිත රක්‍ෂණ ක්‍රමවේද තුළින් ගොවි හා ධීවර ප්‍රජාව සුරක්ෂිත කිරීම
  • ආයතනයට අදාළ වන දේශීය හා ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබාගැනීම
  • සංවර්ධන, මෙහෙයුම් හා අලෙවි ප්‍රවර්ධනය
  • දිස්ත්‍රික් පරිපාලනය, කළමනාකරණය හා බාහිර ආයතන සම්බන්ධීකරණය
  • ආයතනික මානව හා භෞතික සම්පත් සැලසුම්කරණය හා සංවර්ධනය
  • ප්‍රසම්පාදන හා සැපයුම් කළමණාකරණය
  • පනත් ක්‍රියාත්මක කිරීමට අදාළ නෛතික සහාය ලබාදීම
  • ආයතනික අරමුණු ඉටුකරගැනීම සඳහා සැලසුම්කරණය, අධීක්ෂණය හා ඇගයීම් සිදුකිරීම
  • විධිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ගොඩනැගීම හා පරිපාලන ක්‍රියාවලියේ දුර්වලතා අවම කිරීම
  • ලාභදායි වර්ධනයක් තුළින් තිරසාර මුල්‍ය ශක්තියක් සහතික කිරීම
  • ආයතනික ක්‍රියාවලින් විධිමත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රමවේද හා GIS ක්‍රමවේද භාවිතය